ප්‍රධාන අරමුණු

"අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සහ සේවා සැපයීම් සම්බන්ධ විමසීම් හා පැමිණිලි භාර ගැනීම"

පැමිණිලි කළ හැකි කරුණු

  • අල්ලස් ඉල්ලිම් (යම් සේවාවක් ඉටුකර දීම සඳහා මුදල් හෝ වෙනත් වාසි ඉල්ලා සිටීම)
  • වැඩ අනවශ්‍ය ලෙස කල් දැමීම
  • දුෂණ ක්‍රියා
  • රාජකාරි පැහැර හැරීම
  • විෂමාචාර ක්‍රියා
  • වගකීම් විරහිත වැඩ කටයුතු

තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය සම්පුර්ණයෙන්ම සුරකින බවට සහතික වෙමු

සෑම ආයතනයකම අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් පහත සඳහන් අරමුණු සාක්සාත් කර ගැනීම අපේක්ෂා කෙරේ:
  1.  ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2.  ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.

III. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.

  1. විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  2.  නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
Scroll To Top